මාර්ග සිතියම

 ආයතනික සැලැස්ම - 2005 කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

අපේ දැක්ම

කාර්මික අධ්‍යාපනය හා වෘත්තීය නිපුණතාවයන් ගෝලීය වෙළදපලට ලබාදීමේ වඩාත් විශ්වාසනීය වූ ප්‍රමුබයා බවට පත්වීම.
 
 

අපේ මෙහෙවර

වෙනස්වන ගෝලීය සමාජ ආර්ථික හා තාක්ෂණික අවශ්‍යතාවයන්ගේ අභියෝගයට ගැලපෙන්නා වූ ගුණාත්මක හා අදාල වෘත්තීයමය පුහුණුව තුලින් වඩාත් යහපත්වූ ජීවන පැවැත්මක් උදෙසා නිපුණ හා ඵලදායි මිනිස් බලය නිමවන්නන් වෙමු.
 


1 අරමුණ - කාර්මික අධ්‍යාපන සහ පුහුණු කිරීම් පද්ධතියේ අභ්‍යන්තර කාර්යක්ෂමතාව සහ ඵලදායකත්වය වැඩි දියුණු කොට ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අයට ප්‍රතිචාර දැක්වීම සහ වගකියයුතු වීම.

1 උපායමාර්ගය: ප්‍රතිචාරාත්මක සහ උසස් තත්වයේ පුහුණු වැඩසටහන් වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කිරීම.

1 කාර්යය - කාර්මික අධ්‍යාපන ක්‍රමය තුළ N V Q රාමුව උපයෝගී කර ගැනීම.

2 කාර්යය - දක්ෂතාව පාදක කර ගත්, පුහුණු කිරීම් සහ තක්සේරු කිරීම් උපයෝගී කර ගැනීම.

3 කාර්යය - දක්ෂතා වලට , පුහුණු කිරීමේ ප්‍රමිති වලට සහ N V Q S වලට අනුකූලවන පරිදි පාඨමාලා සහ පුහුණු කිරීම් නැවත එකලස් කිරීම.

4 කාර්යය - ශ්‍රම වෙළඳපොළේ ඉල්ලුමක් නැති බවට හඳුනාගත් පාඨමාලා අදියර මගින් ඉවත් කිරීම.

5 කාර්යය - ආන්තික වූ ද අඩු වරප්‍රසාද සහිත වූද තරුණ කණ්ඩායම් වල පුහුණු කිරීම් ව්‍යාප්ත කිරීම.

6 කාර්යය - විවිධ ඉලක්ක කණ්ඩායම් වල අවශ්‍යතා කේන්ද්‍ර කර ගැනීම - ඵලදායීතාව වැඩි දියුණු කිරීම සඳහා සේවා නියුක්ත අයගේ දක්ෂතා නගාසිටුවීම.

7 කාර්යය - කාර්මික අධ්‍යාපනය සඳහා L R U C මගින් දුරස්ථ ඉගෙනුම් ක්‍රමය පිහිටුවීම.

2 උපායමාර්ගය : ප්‍රතිව්‍යුහගත කිරීම සහ ධාරිතාව ගොඩ නැගීම මගින් කාර්මික අධ්‍යාපන හා පුහුණු lකිරීමේ දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම.

8 කාර්යය - මානව සහ භෞතික යන දෙවර්ගයේම සම්පත් භාවිතය පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තිමය විධාන සහ මාර්ගෝපදේශ නියම කිරීම.

9 කාර්යය - සම්පත් භාවිතය යුක්ති සහගත කිරීම සඳහා භෞතික සම්පත් උපයෝගී කර ගැනීම පිළිබඳ දර්ශක බිහි කර ගැනීම.

10 කාර්යය - කාර්ය සාධනය ඇගැයීම සඳහා සහ පුහුණු කිරීමේ අවශ්‍යතා හදුනා ගැනීම සඳහා සියලුම වර්ග වල කාර්ය මණ්ඩලය සඳහා දක්ෂතා විස්තර පවත්වා ගැනීම.

11 කාර්යය - පුහුණු කිරීමේ අවශ්‍යතා පිළිබඳ තක්සේරු කිරීම් පාදක කර ගෙන කාර්ය මණ්ඩලය සඳහා සංවර්ධන වැඩ සටහන් සැලසුම් කොට ක්‍රියාත්මක කිරීම සහ ඉන්පසු ප්‍රතිඵල හෝ ඵලවත්භාවය සමාලෝචනය කිරීම.

12 කාර්යය - කාර්මික විද්‍යාල 9ක්  තාක්ෂණ විද්‍යා විද්‍යාල බවට උසස් කොට ඒවාට දැනට වඩා ඉහළ තත්වයේ අභිමතානුසාරී බලතල පවරාදිම මගින් කාර්මික අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කොට ප්‍රතිව්‍යුහගත කිරීම.

3 උපාය මාර්ගය - ප්‍රතිචාරාත්මක ලෙස සමීක්ෂණය කිරීමේ , ඇගයීමේ සහ තත්වය සුරක්ෂිත කිරීමේ පද්ධතියක් බිහි කර ගැනීම.

13 කාර්යය - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය සමාලෝචනය කිරීමේ සහ සමීක්ෂණය කිරීමේ ප්‍රබල යාන්ත්‍රනයක් බිහි කොට ක්‍රියාත්මක කිරීම.

14 කාර්යය - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ උසස් තත්වය සුරක්ෂිත කිරීමේ සහ කළමනාකරණ කිරීමේ පද්ධතියක් පිහිටුවීම.

15 කාර්යය - වියදම් අධික මධ්‍යස්ථාන කවරේදැයි හැදින ගෙන කාර්මික විද්‍යාල මට්ටමින් මනා තත්වයේ මූල්‍ය කළමනාකරණයක් ඇති කර ගත හැකි වන පරිදි ප්‍රතිචාරාත්මක ලෙස සැලසුම් කිරීමේ සමීක්ෂණ කිරීමේ සහ වාර්තා කිරීමේ කාර්යය සඳහා පුහුණු කිරීමේ පාඨමාලාවල පිරිවැය ගණන් බැලීම.

16 කාර්යය - සහේතුක තීරණ ගැනීම සඳහා කාර්මික විද්‍යාල සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම ( T V E C ) මධ්‍යස්ථාන පද්ධතිය සමඟ කළමනාකරණ තොරතුරු සේවා ක්‍රියාත්මක කිරීම.

4 උපායමාර්ගය - දැඩි සමාජයීය සහ නිෂ්පාදන අලෙවි කිරීම් මගින් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය වැඩි දියුණු කිරීම.

18 කාර්යය - කාර්මික විද්‍යාල මට්ටමේ දැනට පවතින කර්මාන්ත සම්බන්ධතා සමාලෝචනය කොට ශක්තිමත් කිරීමෙන් පසු ජාතික මට්ටමින් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව ද ඊට ඇතුළත් කිරීම.

19 කාර්යය - වෘත්තීය මාර්ගෝපදේශ සහ ශිෂ්‍යයන් ස්ථානගත කිරීමේ මධ්‍යස්ථාන ශක්තිමත් කොට විවිධ ඒජන්සිවල අනෙකුත් මධ්‍යස්ථාන සමඟ ඇති කර ගෙන ජාල පද්ධතියක හවුල්කාර ඒකකයක් බවට පත් කිරීම.

20 කාර්යය - කාර්මික අධ්‍යාපනය සහ පුහුණු කිරීම නගා සිටුවීම සඳහා කර්මාන්ත සහ වාණිජ ක්ෂේත්‍රයේ වෘත්තීය ආයතන , ප්‍රමුඛ සංවිධාන සහ වෙනත් (රාජ්‍ය හා පෞද්ගලික) සංවිධාන සමඟ හවුල්කාර සම්බන්ධතා ඇති කර ගැනීම.

21 කාර්යය - රැකියා නියුක්තිය සහ ව්‍යවසාය පිළිබඳ දත්ත පාදකයක් සඳහා යාන්ත්‍රණයක් සකස් කොට එහි ක්‍රියාත්මක කිරීම.

22 කාර්යය - විදේශ රැකියා නියුක්තිය සඳහා විශ්වාසදායක වූ ද ප්‍රසිද්ධියක් සහිත වූ ද විදේශ රැකියා ඒජන්සි සමඟ ජාල පද්ධතියක් ඇති කර ගැනිම.

ඉහලට

2 අරමුණ - කාර්මික අධ්‍යාපන සහ පුහුණු කිරීම් දෙපාර්තමේන්තුව තුළ ඉගෙනීමේ වර්ධනය කර ගැනීමේ සංස්කෘතිය වැඩි දියුණු කිරීම.

5 උභය මාර්ගය:ඉගෙනීම සහ වර්ධනය පිළිබඳ සංවිධානමය චර්යාවක් බිහි කර ගෙන එය පවත්වා ගෙන යාම.

23 කාර්යය - ඵලදායිතා වැඩි දියුණු කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.

24 කාර්යය - අඛණ්ඩ වැඩි දියුණුව සඳහා යෝග්‍ය සංවිධානාත්මක සංස්කෘතියක් සහ පරිසරයක් සහිත සුදුසු සංවිධානමය චර්යා ආකල්ප පිහිටුවා ගැනීම.

25 කාර්යය - පුද්ගලයන් වශයෙන් මෙන්ම කණ්ඩායම් වශයෙන් ද තරඟකාරිත්වයට සහ දක්ෂතා පිළිගැනීමට අවස්ථා සැලසීම.

26 කාර්යය - පර්යේෂණ සහ සංවර්ධන කටයුතු දියුණු කිරීම සහ වෙනත් TVET ඒජන්සි සමඟ පර්යේෂණ හා සංවර්ධනය සඳහා ජාල පද්ධතියක් ඇති කර ගැනීම සහ ගුරුවරුන් අතර පර්යේෂණ කටයුතු දිරිගැන්වීම.

ඉහලට

 
 

© Copyright 2005. Department of Technical Education & Training. All rights reserved - Developed in Association with
Powered by Pooranee Inspirations.